Friday, August 26, 2011

ඔබ.. මම..

"අපි ගැලපෙන්නේ නෑ"
මතකයිද කිව්වා..
"මොන ගැලපීමක්ද?"
මම එහෙම ඇහුවා..

ඇත්ත..
අපි ගැලපෙන්නේ නෑ..
"මම දන්නේ නෑ
ඔය කියන දේවල්"
සරලම උත්තරේ..
"ඒ මෝඩ හන්දා"
"හොඳටම පිස්සු"...
මම මටම කීවා..


කියන්න පුළුවන්ද
ආදරෙත් නෑ කියලා
"මම කැමති නෑ ඔය විදියට"
ඔබ එහෙම කිව්වා..
එත් මම ආදරෙයිනේ..
මම නිතර හිතුවා

ඇත්ත..
මම දන්නවා
අපි වෙනස් කියලා..
මට වෙනස් වෙන්න වෙයි
ඔබ නොවෙන හන්දා..

"ආදරේ බැඳීමක්..
සදහටම ‍රැදෙනා"
ඒතුල මට මා වන්න
උවමනා හින්දා
අපි දුරස් වී ඉමු..
තවත් දුක් නොවිඳා

1 comment:

  1. මට නම් අදහස් ඇරෙන්න වෙන දේවල් නොගලපුනාට අවුලක් නෑ.
    වෙනස්ම ආරක කවි පෙලක්. ලස්සනයි හර්ශනී (ඔයා නෙමෙයි කවි ටික. හික්ස් :))

    ReplyDelete