Friday, August 26, 2011

ඔබ.. මම..

"අපි ගැලපෙන්නේ නෑ"
මතකයිද කිව්වා..
"මොන ගැලපීමක්ද?"
මම එහෙම ඇහුවා..

ඇත්ත..
අපි ගැලපෙන්නේ නෑ..
"මම දන්නේ නෑ
ඔය කියන දේවල්"
සරලම උත්තරේ..
"ඒ මෝඩ හන්දා"
"හොඳටම පිස්සු"...
මම මටම කීවා..


කියන්න පුළුවන්ද
ආදරෙත් නෑ කියලා
"මම කැමති නෑ ඔය විදියට"
ඔබ එහෙම කිව්වා..
එත් මම ආදරෙයිනේ..
මම නිතර හිතුවා

ඇත්ත..
මම දන්නවා
අපි වෙනස් කියලා..
මට වෙනස් වෙන්න වෙයි
ඔබ නොවෙන හන්දා..

"ආදරේ බැඳීමක්..
සදහටම ‍රැදෙනා"
ඒතුල මට මා වන්න
උවමනා හින්දා
අපි දුරස් වී ඉමු..
තවත් දුක් නොවිඳා

Saturday, June 11, 2011

මිතු සඳ ඇයිද නුඹ අමනාප..

මිතු සඳ ඇයිද නුඹ අමනාප..
මතකයි ඉතින් කල හැමදේම..
නැගි හසරැලිත්.. සැලි කඳුලැලිත්..
එක්ව වින්ඳෙමු හැමදාම..

පෙම් හසුන් සුළඟට මුසු වීය..
නුඹ තවත් මා හා විරසකද..
ඔබ මිතුරියට හිත් කොනේ වූ ඉඩ..
සබඳ දැන් නැතුවා වත්ද..

Thursday, February 10, 2011

නුඹ තාම පමා නෑ..

තාරකා සපිරුණ
මන්දාකිනියක සැඟව..
සඳට ඔච්චම් කරන
තනි තරුව නුඹ..
අමාවක ආ දින
පසුතැවේවී..
තනි නොතනියට උන්
සඳ අහිමි වග දැන..
පුරා සඳ ගෙවී යත්
නුඹ තාම පමා නෑ..
අව අටවකදාට
සඳ ළඟින් දිලිහෙන්න..