Thursday, February 10, 2011

නුඹ තාම පමා නෑ..

තාරකා සපිරුණ
මන්දාකිනියක සැඟව..
සඳට ඔච්චම් කරන
තනි තරුව නුඹ..
අමාවක ආ දින
පසුතැවේවී..
තනි නොතනියට උන්
සඳ අහිමි වග දැන..
පුරා සඳ ගෙවී යත්
නුඹ තාම පමා නෑ..
අව අටවකදාට
සඳ ළඟින් දිලිහෙන්න..

3 comments:

  1. සෝ පත් සඳ සිත
    ඇති ඇල්මන් නත
    ලියුවෙන් නුබ මත
    තරු එයි නොව ලත

    ReplyDelete
  2. ලස්සනට ලියලා තියෙනවා. කාලයකට පස්සේ වෙන්න ඇති ලියන්න ලැබුනේ ?

    ReplyDelete
  3. හරිම හැඟුම්බර නිසඳැසක්....
    ලඟ පාත උනාට අදමයි මෙහෙ ආවෙ, :)

    ReplyDelete