Thursday, October 28, 2010

නුඹ හා මම..

සිව් වසක් පුරාවට
ලියන්නට වෙරදැරූ
පෙම් කවිය නුඹ..

පිදූ සෙනෙහසට
පෙරලා කිසිවකුත්
නොපැතීමි මම..

අපැහැදිලි මතකයක
පාට තැවැරූ
සිතුවමක් වූ නුඹ..

අමාවක මහ රැයෙක
පුර සඳ පැතූ
හිස් අහස වීමි මම..

තුන් සිතම අවුළුවා
සුසුමක්ව නික්ම ගිය
සිත පැතුම නුඹ..

හිමිකමක් කියන්නට
සිහිනෙකිඳු නොපතා
මග හිඳිමි මම..

නුඹ හා මම..
මගේම ආදරය වූ
නුඹ..

Saturday, October 2, 2010

ජීවිතේ හොයාගෙන...

ඔහේ ඇවිද
යනවා මම
ජීවිතේ...
හොයාගෙන

හරයක් නැතිව
සතුටක් නැතිව
කාගේවත්..
පිහිටක් නැතිව

කඳුලත් සමඟ
සුසුමත් සමඟ
හැමදාමත්..
නෑකම් ඇතිව

ඔහේ ඇවිද
යනවා මම
හමුවේ යැයි..
පැතුමක් ඇතිව

Wednesday, February 3, 2010

කවුරුන්ද නුඹ මට....

කවුරුන්ද නුඹ මට....
කවුරුන් වීද නුඹ මට..
නුඹයි හැම මොහොතම..
නුඹම විය හැම මොහොතක්ම..
එතරම් බැඳුනි අප...
එතරම්ම රිදුනි හදවත..
එලෙසින් සිරවීය පණ නළ
එලෙසින්ම...
බොඳවීය නෙතු යුග....