කණාමැදිරි එලියටත් බයයි මම..
විසිරී ගිය සිත එකලස් කල පසු
යලි විසිරී යයි දෝ සැකයි මට..
නෙතින් කතා කල වදන් හැදින්නෙමි
දහස් නෙතු අතර ඒ නෙතු සෙව්වෙමි
එකසැරයක් හදවත පුද දුන් පසු..
ඔබට පුදන්නට හදක් කොයිද මට
හසරැලි තුල වූ සෙනෙහස වින්දෙමි
දහසක් රුව මැද ඒ රුව පතුවෙමි
විරහ කඳුලු වැල් සිත බොඳ කල පසු..
ඔබව පතන්නට සිතක් කොයිද මට